ඔබගේ මූල්‍ය ගැටලු විසඳීම සඳහා GmoneyPay ගිණුම හොඳම විසදුමයි. ඔබට ඔබේ ආදරනීයයන්ට මුදල් යැවිය හැකි අතර කොරියාවේ ඔබේ මුදල් පහසුවෙන් කළමනාකරණය කළ හැකිය.
මුදල් තැන්පතු
GmoneyPay ගිණුම විවෘත කිරීම යනු ඔබට මුදල් තැන්පතු කල හැකි අතර එය ඉතිරිකිරීමේ ගිණුමක් ලෙස භාවිතා කළ හැකිය. ලියාපදිංචි වීම නොමිලේ වන අතර කිසිදු අමතර ගාස්තුවක් නොමැත.ඔබට පුද්ගලික ගිණුම් අංක සහ බැංකු තොරතුරු ද ලැබේ. ලොව පුරා මුදල් ලබා ගැනීම සඳහා මෙම තොරතුරු ඔබේ මිතුරන්, හෝ පවුලේ අය සමඟ බෙදා ගන්න.
මුදල් යවන්න
විදේශ මුදල් ප්‍රේෂණයGmoneyPay ගිණුමේ ඔබ තැන්පත් කර ඇති මුදල් ලොව පුරා බැංකු ගිණුම් වෙත යැවිය හැකිය. ඔබ මෙය කරන විට අපි ස්ථාවර ගාස්තුවක් අය කරන්නෙමු, එවිට ඔබගේ මුදල් ලබන්නාට එම රටේ දේශීය මුදල් ලැබෙනු ඇත.දේශීය වශයෙන් මුදල් යවන්නඔබට කොරියාව තුළ විවිධ කොරියානු බැංකු වෙත මුදල් යැවිය හැකි අතර හුවමාරුවීම් ක්ෂණිකයෙන් සිදු වේ. මුදල් යැවීම පහසු වන අතර හුවමාරුවීම් ඉතා සුරක්ෂිතයි. ඔබේ මිතුරාට GmoneyPay ගිණුමක් තිබේ නම්, ඔබට නොමිලයේම එකිනෙකා සමඟ මූල්‍ය ගනුදෙනු කළ හැකිය.
මුදල් ආපසු ගැනීම
GS24, Mini Stop, C4U, Lotte ATM වැනි ඔබට ආසන්න වෙළඳසැල් වලින් ඔබට කැමති ඕනෑම වේලාවක ඔබගේ GmoneyPay ගිණුමේ ශේෂය ආපසු ලබා ගත හැකිය. ඔබට ලබා ගැනීමට අවශ්‍ය මුදල පමණක් ඇතුළත් කරන්න, එවිට ඔබ අදාල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ විධානයන්ට අනුව ක්‍රියාකල විට ක්ෂණිකවම මුදල් ලබා ගැනීමට උපකාරී වන කේතයක් දිස්වනු ඇත.
මුදල් ලබාගන්න
ගෝලීය වශයෙන් මුදල් ලබා ගන්නතෝරාගත් රටවලින් මුදල් ලබා ගැනීමට GmoneyPay ගිණුම ඔබට උපකාරී වේ. ඔබට අවශ්‍ය වන්නේ GmoneyPay ගිණුමේ තොරතුරු ඔබේ මිතුරන් හෝ පවුලේ අය සමඟ බෙදා ගැනීමයි. එවිට ඔවුන්ට ඔබට පහසුවෙන් මුදල් හුවමාරු කළ හැකිය.දේශීය වශයෙන් මුදල් ලබා ගන්නකොරියාව තුළ සිටින ඔබේ මිතුරන්ගෙන් හෝ පවුලේ අයගෙන් හෝ වැටුප්, හෝ වෙනත් ගෙවීම් ලබා ගැනීම සඳහා ඔබේ GmoneyPay ගිණුම් විස්තර භාවිතා කළ හැකිය. ඔවුනට ඔවුන්ගේ GmoneyPay ගිණුමෙන් හෝ කොරියානු දේශීය බැංකු ගිණුමකින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, ජංගම බැංකුකරණය හෝ අන්තර්ජාල බැංකුකරණයෙන් හුවමාරු කළ හැකිය.
ඔබගේ පෙරගෙවුම් ජංගම දුරකථනය රීලෝඩ් කරන්න
ඔබට GmoneyPay භාවිතා කර ඕනෑම තැනක සිට ඕනෑම ජංගම දුරකථනයක් රීලෝඩ් කල හැකිය. ඔබේ මව් රටේ හෝ කොරියානු සහ ජංගම දුරකථන ක්ෂණිකයෙන් රීලෝඩ් කිරීමේ හැකියාව පවති. ඔබට අවශ්‍ය වන්නේ දුරකතන ජාලය, ජංගම දුරකථන අංකය සහ රීලෝඩ් කිරීමට අවශ්‍ය මුදල ඇතුලත් කිරීම පමනි.
GmoneyPay ගිණුම් ගනුදෙනු ඉතිහාසය
අපේක්ෂිත කාල පරිච්ඡේදයේ සිට නියමිත දෙස් විදෙස් මුදල් ප්‍රේෂණ, දෙස් විදෙස් මුදල් ප්‍රේෂණ සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ආපසු ගැනීමේ ඉතිහාසය පිළිබඳ ඔබේ ගනුදෙනු ඉතිහාසය පරීක්ෂා කළ හැකිය. මේ අතර, ගනුදෙනුව සැකසෙන්නේද, ගෙවීම සූදානම්ද, ගෙවා තිබේද, ආපසු ගෙවනු ලැබේද යන්න ඔබට ගනුදෙනු තත්ත්වය පරීක්ෂා කළ හැකිය.
ස්වයංක්‍රීයව මුදල් එකතු කරන්න
අපේක්ෂිත දිනයේ ස්වයංක්‍රීයව ගිනුමට මුදල් එකතු කිරීමට ඇප් එකට විධානයක් දිය හැක. එය සිදුකිරීම සඳහා ඔබ මුලින් සෘජු හර ගිණුම (Direct Debit) ලියාපදිංචි කළ යුතුය.
සැලසුම්ගත ස්වයංක්‍රීය විදෙස් මුදල් ප්‍රේෂණය
ඔබේ ආදරනීයයන්ට සතිපතා, මාසිකව මුදල් ප්‍රේෂණය කිරීමට, ලීසිං වාරික හෝ ණය වාරික ගෙවීමට ඔබට ඇප් එකට එම අදාල දිනයට විධානයක් දිය හැක. එමඟින් ඔබේ වටිනා කාලය බෙහෙවින් ඉතිරි වේ.